පහුගිය දොහක යාල්දේවි මුලින්ම Made in
China කෝච්චියක කිලිනොච්චි ගියාය. ලබන සිංහල අවුරුද්දට
ආස්මි කොන්ඩ කැවුම් අතිරස හදාගෙන යාල්පානම් ඇවිත් කොට්ට කිලංගු අරං යන්න එනවයි
කියා කීවාය.
පලවෙනි සැරේ චීනෙක් එක්ක ගියාට දැන් යාල්දේවි සුරුට්ටු
බොන ඉන්දියන් කෝච්චියේ හැමදාම කිලිනොච්චි යයි! එතකොට දැන් ඒ තිබිච්ච කේස් බේස්
ඔක්කොම ඉවරද??
මොකද්ද බං තිබිච්ච ප්‍රශ්නේ??
උදේට කාපු බීපු දේ මතක නැති අපේ උන්ට මිට අවුරුදු
ගානකට කරපු කියපු දේවල් අතමක වීම අස්පට් නැත! හැබැයි ඉතිං දියවන්නාවේ ඇත්තෝ ඒ සන්තැසි
උදේ හවස මාකට් කරන විදිහට තනි මිනිහෙක් කරපු ඒ වික්කරමේ කොහොම අතමක කරනනද
ආයුබොවන්! (සැරද මහරජ... ඔව් සැරයි තමයි යකෝ!)
ඒ තිස් වසරක ශාපලත් යුද්ධයක්ද මොකද්ද එකක් තිබ්බ
කාලේය! දැන් ඒ අයිටම් නැත. මල්ටි බැරල් ගැරේජ් ඇතුලේය. කෆීර් කුරුල්ලෝ Hangers
ඇතුලේය. T56 නම්
ඉඳහිට සාමකාමී ලෙස පිස්සු කෙලින මහජනයා විසිරවීමට යොදා ගනී.
චන්දෙත් තිබ්බේය. ප්‍රතිපල ටිකත් ආවේය. එක පැත්තක
හිටපු අලියෙක් බලේ අල්ලද්දී අනිත් පැත්තෙන් පුත්‍ර දාරක ප්‍රේමය ඉස්මතු කරමින්
අම්බුළුවාවේ චූටි පුතා බලේට ආවේය.
උතුරේ කේස් එක පොඩ්ඩක් වෙනස් උනේය. “උතුරට වසන්තය”
දුන්න හැටියට ත්යාගරාජලා සෙල්ලම්මලා විට කොලේට කතිරේ ගහලා මදිදෝ මන්දා කියා
සිතෙන්නේය. සමහර වෙලේට කම්පියුටර් ජිල්මාට් එකක් වෙන්නටද බැරි නැත. ;)
ඇයි බං එහෙම උනේ???
නාඩියා ගේ ටිකිරි මොලේට තේරෙන කෙරෙන හැටියට නම්
මේක මෙහෙමය. කලින් තිබ්බා යැයි දූසමාන ආරංචි පැතිර යන යුද්ධේ කියන එක මේ එක පාරට පටන්
ගත්තා වෙන්න බැරිය! ඔය ජනවාර්ගික අර්බුදේ කියන එක මේ ගහෙන් ගෙඩි එනවා වගේ ඉබේ පටන්
ගන්න මෙව්වා එකක් වෙන්නටද බැරිය. අපෙනුත් මොකක් හරි වැරැද්දක් වෙන්න ඇතිය.
උන්ගෙනුත් මොකක් හරි වැරැද්දක් වෙන්න ඇතිය!
අරන්තලාවේ හාමුදුරුවරු ඝාතනය වගේම කලු ජූලියද
අපිට අතමක වෙන්න බැරිය.
ලංකාව බහුවාර්ගික බහුආගමික රටක් කියා බෙර ගගහා
හිටියාට වැඩක් නැත. උඩරට බෙරේ බෙර පදේට භරත නැටුම් නැටුවාට ප්‍රශ්නේ විසදෙන්නේ
නැත.
දේශපාලන විසදුම් ව්‍යවස්ථා සංසෝධන අරවා මේවා කෝවා
කරත් මුලින්ම කරන්න ඕනේ දේ අපිට මග හැරිලාය.
මොන මාධ්‍ය සංදර්ශන තිබ්බත් අපි උන් එක්ක වැඩි
බජනෙට යන්න අකමැතිය. සිංහල කොල්ලෙක් දෙමල කෙල්ලෙක් එක්ක යාලු මිත්තරකමක් පටන්
ගත්තොත් වසලා හමාරය! මුස්ලිම් උනොත් වැඩේ තවත් දරුණුය! බාග වෙලාවට මොකක් හරි
බලයකින් ඇවිත් සාන්ත මහා නිවන් මහ පාරේදීම පසක් කරවන්නටද පුළුවන.
අපේ මොහොමඩ් ලාත් එහෙමය! ගෑනිට තියා තමන්ගේ නංගිටවත්
පිරිමි පුළුටක් ඇහැ ගැටෙන්න දෙන්නේ නැත. අව් කාස්ටකේ කලු ගෝනි පොරවන් බක්කෝ නටන්න
එක්ක යන්න හරිම ආසය! ඇයි බං ගෑනු කියන්නේ මනුස්සයෝ නෙවෙයිද?
තිරසාර විසඳුම් කියන්නේ ජන්ද, කෝච්චි පාරවල්, කාපට්
වගේ පැලැස්තර වෙන්න බැරිය. මහ එකාගේ ඉඳන් පොඩි එකාට වෙනකම් ඔලු හේදිය යුතුය. කඩේ
යන එක නවත්තනකම් ඒ වැඩේ කරන එකනම් බොරුය.
තව වැඩි කාලයක් යන්නේ නැත. ආයෙත් මල්ටි බැරල්
එලියට ගන්න වෙන්න පුළුවන. සමහර විට ඊටත් වඩා දරුණු අමුතු කේස් පටන් ගන්නත් පුළුවන.
ඉතිං බං අපි තවත් සිංහල දෙමළ මුස්ලිම් කියාගෙන
ලේබල් අලවාගෙන පිස්සු නටමුද? නැත්නම් බැරි උන්ට මක බෑවියන් කියලා එකතු වෙමුද?
27 වෙනිදා උදේ සෙනඟ නැති යාල්දේවියේ ඉඳන්.... |