සයිබර් සිහින උළෙල අහවර උනාය! ඒ 21ය! මේ දවස්
ටිකේ බුකියේ ටැග් ගැහුණු ෆොටෝ කෑලි ටික.. බ්ලොග් ලියවිලි ටිකවත් ඉස්පාසුවක් ඇතිව
බලා කියා ගන්න බැරි උනේය! “වසන්තය” ඇවිත්ය. ;) පිලි ගන්නට ගජරාමෙට වැඩ තිබ්බේය!
මොනවා නොකිව්වත් 21 වැඩේ ගැනනම් ටිකක්වත් කොටන්නට
ඕනෑය! උදේ පාන්දරම ලක ලැස්ති වී මංතුමා මාරගම බලා යන ගමන පටන් ගතිමි. තව පොඩ්ඩෙන්
අවුරුදු කුමාරයාටයි කුමාරිටයි දාන්න අන්දපු සාටකේ ගෙදර දමා එනවාය!නොයෙක් අලකලංචි
මැද්දේ කොටුවට සේන්දු උනෙමි.හැත්තාවයි! රජා කොටුවේය! ඒකාට කවුදෝ එනකම් ඉන්ට ඕනෑය
කිව්වේය! මම “තනියම” 138 ක නැගී ආවෙමි! මුදියා නොහොත් සමියා මොකද්දෝ හුස්ටප්පරයක්
මම බස් එකේ කරනු දැක්කා යැයි මඩක් ගසා තිබුණි! අමුලික පචය!
කස්ටිය රෙජිස්ටර් උනේය! චිකන් කියා බෝඩ් කෑල්ලක්
ෂර්ට් එකේ ගසා ගන්න කියා චතු මිතු අක්කා දුන්නාය!
තහනමා සරමක් පටලවාගෙන යටට සිවිල් පිට බැස්සේය!
තරියාද එසේමය! අනේ දෙව්දත් නොදුටු මොක් පුර!
මුලින්ම තිබ්බේ මීටර් 100ක් දුවන්න කියලා එකක්ය!
ඒකනම් ටක්කෙටම මීටර් 100 ට වැඩිය! ඉවාන් පවුලුෂා අයියා තම සිවිල් දැනුම උපයෝගී
කරගෙන එය කියා පෑවේය!( එදා තමා මිටින් උනේ! සෝයි අයියා පොඩ්ඩ)!
සොනිකා, දඟයා දිව්වේය! මං තුමා නම් හිමින් හිමින්
ආවෙමි! නොහික්මුණු එකා එකය! (අන්තිමෙන්ය)
කාන්තා මීටර් 100 පස්ටය! උමා අක්කා එකය! දිව්වේ
එකය! චතු මිතු ඉතා වේගයෙන් ඇවිදිමින් තියුණු තරඟයක් ලබා දුන්නාය!
බස් එකේ අයිසා..දුලාන් කොලුවා..නෙරන්ජි අක්කා
උෂාන් ළමයා උදේ ඉඳන්ම අවුරුදු කන් පැලීම පටාන් අරගෙන තිබුණි!
සු දී ක අයියා හරිම හුරතල් අක්කලා දෙන්නෙක්
එක්කන් ඇවිත් තිබ්බේය! ඒ redbull බෙදන්නය!
තැන්කු ඈ! ;)
මුට්ට්ය බිඳින එක ඉක්මනින්ම ඉවර උනේය! අනේ ඒකට මට
උස නෑ කියා ශම්මි කෙල්ල අඬන වෙලේ සාදිරිසා ඇය සනසන බව නම් හුදී ජනයා දුටුවෝය!
අලියාට ඇහැ තිබ්බේය! නිශානයා කොහේදෝ කොලේකට ඇහැ
තිබ්බේය! ඉසුරු කොලුවා ටක්කෙටම ඇහැ තිබෙබේය! කොහොමද දන්නේ නෑ නේ? ඌ ට කළු අතරින්
විනිවිද පේනවාවත් ද?
මේ අලකලංචි අස්සේ බලද්දී කස්ටිය ගජරාමෙට මොනවාදෝ
ලියනවාය! ප්‍රෙහේලිකා පුරවනවාය! යාන්තම් මගේ කොලේ frozen Heart කෙලි පුරවා දමා තිබ්බේය! දිනුම් නම් නැත! අවුලක්
නෑනේ!
“නංගි ඔයා ලියන බ්ලොග් ඒක මොකද්ද?”
“කියවනවා විතරයි අයියේ....”
“ආ... මම ඒක දැකලා නෑනේ..ලින්ක් එක එවන්නකො
බලන්න..”
“නෑ අයියේ එහෙම බ්ලොග් එකක් නෑ! මම බ්ලොග්
කියවනවා විතරයි!”
“&^ ^%&^*&$^” !!
මේ ආකාරයේ සංවාදයක් සිදු වූයේ කලණි ළමයා හා මි
ගොඩ අයියා අතර නොවන බව කරුණාවෙන් සලකන්න.
තුන් පා දුවද්දී සාදිරිසා සමඟින් ශම්මි පවුල්
කණ්ඩායම් ලෙසද.. සෑම් සමඟින් උමා මඩ පවුල් කණ්ඩායම් ලෙසද තරඟයට අවතීර්ණ විය!
මංතුමා හිතුවේ බනිස් වැඩියෙන්ම කාපු එක්කෙනා
දිනුම් කියාය! මොකෝ මාරයා අයියා කිව්වේ එහෙමය! කොහොමෙන් කොහොම හරි බනිස් කෑමේ
තරඟයේ යෙදී නාඩියා බනිස් තුන හතරකටම වග කිව්වේය!
දවල් කෑම ටිකක් පරක්කු විය! තව පොඩ්ඩෙන් අපෙ උන්
ප්‍රදීප් අයියාව කනවාය!කෑම එනකම් නටන්න කියා සින්දු දැම්මේය! අපිනම් ඔන්න නැටුවේ
නැත! ;)
කළුවර හීනේ අක්කා, සිත්තරි,ස්කුබියා, සුදු
මහත්තයා, ගවේශකයා, මංජුල අයියා, ලොකු ජෝන්, වෙනි අයියා, බනියා මෙකි නොකී පෙරකී සෑම
සියලු දෙනාම ඇවිත් සිටියෝය! එහෙන් මෙහෙන් කතා බතා කළෙමු! මිස් උනා නම් සොරි ඈ!
කෑම කාල බිලා ජන ගී මෙව්වා ඒක පටාන් ගත්තේය!
පස්ටම ජජ් බෝඩ් එකක් උන්නේය! ඕනයා අයියා ඉතා කෘතහස්ත සංගීත වේදියෙකුගේ ප්‍රතිභාව පෙන්නුම්
කළේය! වැප් නිශාන්ත අයියාද ඉතා විශිෂ්ට සංගීත විචාරකයෙක් බව අපි දැන ගත්තේ එදාය!
ලොකුම බොරුවාද සෙව්වේය! මම නම් ඉතිං බොරු නොකියන
එකානේ! බොරු කිව්වේ නැත! සෑම්, රනා, චමිල, මංජුල සෙට් එක තරඟයට බොරු කිව්වෝය!
වෙනදා අක්කපාල කියා බොරුවට ලෙඩ ඇඟේ දමා ගන්නා
බිම්සර කොලුවා මේ සැරේ නම් හුරුබුහුටි නංගි පොඩිත්තක් එක්කන් ඇවිත් තිබ්බේය! අනේ
වාසනාවන්!
පස්සේ දවසේ උදේම විස්ස විද්‍යාලේ ඉන්න ඕනෑය! ඒ
නිසා අවුරුදු කුමාරයාට සෙට් නොවී එන්නට පිටත් උනේය! (මොකෝ හිටියානම් පණු අයියාට
ප්ලේස් නැත!)
එන අතරමග ප්‍රමුදි කෙල්ල සෙන්ටිමෙන්ටල් විය! යකෝ
එදානේ දැක්කේ මෙච්චර කල් බැන ගහ ගත්තට! සාමිට අයියා, පිටස්තරයා, දුෂ් ඩ කොහේදෝ
ගිහින් එද්දී සෙන්ටිමෙන්ටල් විය!
අටං අයියා පොඩි එකිවත් එක්කන් ඇවිත් තිබ්බේය!
මෙකි නේද අටං අයියේ අර Hanthana වලින් වැඩ දාන එකී? වාසනාවන් ඈ!
මොනවා උනත් රෙපා අයියා, සිහින මදාරා, සදකිදුරා,
ප්‍රදීප් අයියා, වර්ණා අක්කා ඇතුළු මුළු සංවිධායක මණ්ඩලේම සෑහෙන මහන්සියක් වෙලා
තිබ්බේය! පංකාදු පහයි ඈ! අපි අඩු පාඩු හදාගෙන ඉස්සරහට යමු බොල!
තොරෝන්චියක් නැතිව හිතට එන අනම් මනම් බ්ලොගියකට
කොටන ඒක වගේ උන් ගොඩක් එක තැනක මෙහෙම කාල බිලා ජොලි කරන ඒක කොච්චර සුන්දර ද ඈ?????
මේකේ ෆොටෝ නැත! උඩම එක cyber festival බ්ලොගෙන් ඉස්සුවෙමි! රජා ගෑනු
බෑග් උස්සන එක ලෝක ප්‍රසිද්ධ නිසා ඒක දාලත් වැඩක් නැත!
ඔච්චරම ෆොටෝ ඕනෙනම් වැප් අයියාගේ පෝස්ට් එකට යනවා
හොඳය! එකේ සුපිරියට ඔක්කොම කැටගරි කරලා තියනවාය!
අප්පේ... මම ඔන්න නාඩි 50ක් කෙටුවලු ඈ! මේ 50ස් වෙනි නාඩිය බොල!!!!
කාටද ඉතිං ආඩම්බර..... ;)